Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 5:15 - Sinhala Revised Old Version

15 බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 5:15
13 හුවමාරු යොමු  

නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.


සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝය, සොපෙරෙත්ගේ පුත්‍රයෝය, පෙරීදාගේ පුත්‍රයෝය;


නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.


තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.


බර අදින පිණිස මිනිසුන් සැත්තෑ දහසක්ද කඳුවල ලී කපන මිනිසුන් අසූ දහසක්ද ඔවුන් කෙරෙහි මුලාදෑනීන් තුන්දහස් හසියයක්ද නියමකෙළේය.


එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.


තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.


තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය.


සාලමොන් ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනගන්ට අදහස්කරගන,


රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්