Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 5:10 - Sinhala Revised Old Version

10 මෙසේ හීරාම් සාලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලීද දේවදාර ලීද ඔහුට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මෙසේ හීරාම් රජ සලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලී ද දේවදාර ලී ද ඔහුට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මෙසේ හීරාම් රජ සලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලී ද දේවදාර ලී ද ඔහුට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 5:10
7 හුවමාරු යොමු  

තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.


මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුද ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහන්ට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය.


සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය.


කිහිරි ලීද දේවදාර ලීද හඳුන් ලීද ලෙබනොන්හි සිට මා වෙත එවුව මැනවි. මක්නිසාද ඔබගේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කපන්ට දක්ෂ බව දනිමි; මාගේ මෙහෙකරුවන් ඔබගේ මෙහෙකරුවන් සමඟ සිටිනු ඇත.


ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,


සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය.


ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්‍රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්‍රයෙක්ව සිටිමියි නුඹලා ඵාරාවෝට කියන්නේ කොහොමද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්