Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:26 - Sinhala Revised Old Version

26 සාලමොන්ට ඔහුගේ රථවලට ගාල් සතළිස් දහසක අශ්වයෝ සිටියෝය, අසුරුවන් දොළොස් දහසක්ද සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සලමොන් රජුගේ රථවලට ගාල් සතළිස්දහසක අශ්වයෝ සිටියෝ ය; අසරුවෝ‍ දොළොස්දහසක් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සලමොන් රජුගේ රථවලට ගාල් සතළිස්දහසක අශ්වයෝ සිටියෝ ය; අසරුවෝ‍ දොළොස්දහසක් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:26
8 හුවමාරු යොමු  

තවද සාලමොන් රථද අසරුවන්ද රැස්කරගත්තේය. ඔහු එක්දාස් හාරසියයක් රථද දොළොස් දහසක් අසරුවන්ද ඇතුව සිටියේය. ඔහු ඒවා රථ-නුවරවලද රජු ළඟ යෙරුසලමෙහිද තැබුවේය.


සාලමොන්ට ගාල් හාර දහසක අශ්වයෝ සිටියෝය, රථද තිබුණේය. අසරුවෝ දොළොස් දහසකුත් සිටියෝය. රජ ඒවා රථ-නුවරවලද තමා ළඟ යෙරුසලමෙහිද තැබුවේය.


අසරුවන් එක්දාස් සත්සියයක්ද පාබළ සෙනඟ විසිදාහක්ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතුරුකරගන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය.


සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


ඒ මුලාදෑනීන් එකිනෙකා තම තමාට නියම මාසයේදී සාලමොන් රජුටද සාලමොන් රජුගේ මේසයට ආවාවූ සියල්ලන්ටද කිසිවක් අඩුවෙන්ට ඉඩ නෑර ආහාර සපයාදුන්නේය.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්