Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:22 - Sinhala Revised Old Version

22 දවසකට සාලමොන්ගේ ආහාර මෙසේය: සිහින් පිටි කෝර තිහක්ය, වෙන පිටි කෝර සැටක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:22
10 හුවමාරු යොමු  

සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.


මුවන්ද තිත්මුවන්ද රතුමුවන්ද තරකළ පක්ෂීන්ද හැර තර හරක් දසදෙනෙකුත් කෙතේ හරක් විසි දෙනෙකුත් බැටළුවන් සියයකුත්ය.


මට දවස්පතා පිළියෙළ කරනලද්දේ ගොනෙකුත් තර බැටළුවන් හදෙනෙකුත්ය; මේ හැර පක්ෂීන්ද දස දවසකට වරක් සියලු වර්ගවල මුද්‍රිකපාන බොහොමයක්ද පිළියෙළ කරනලද්දේය. එසේ වී නුමුත් මෙහෙවරය මේ සෙනඟට බරක්ව තිබුණු නිසා දිශාධිපතියාට නිසි කෑම නොඉල්ලීමි.


ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.


සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය.


ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,


ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.


දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.


දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද?


රජතෙමේ ඔවුන්ට තමාගේ භෝජනවලින්ද තමා බොන මුද්‍රිකපානයෙන්ද දවස්පතා කොටසක් නියමකොට, ඊට පසු ඔවුන් රජු ඉදිරියෙහි සිටින පිණිස තුන් අවුරුද්දක් ඔවුන් පෝෂ්‍යකරන්ට අණකළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්