Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 3:1 - Sinhala Revised Old Version

1 තවද සාලමොන් මිසරයේ රජවූ ඵාරාවෝ හා නෑකම් බැඳ ඵාරාවෝගේ දුව පාවාගෙන, තමාගේ ගෙයත් ස්වාමීන්වහන්සේගේ ගෘහයත් යෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිමකරන තුරු ඈ දාවිත්ගේ නුවරට ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝ‍ගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ‍ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝ‍ගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ‍ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:1
17 හුවමාරු යොමු  

ඵාරාවෝගේ දියණිය වනාහි දාවිත්ගේ නුවර සිට සාලමොන් විසින් ඈ උදෙසා ගොඩනැගූ ඇගේ ගෙට ආවාය. එවිට ඔහු මිල්ලෝ ගොඩනැගීය.


සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.


සාලමොන් වනාහි ඵාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය උදෙසා ගොඩනැගූ ගෘහයට ගෙනාවේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පැමුණුණ ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක් ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ගෘහයෙහි නොවිසිය යුතුයයි ඔහු කීවේය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.


නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්ලා ගත්තේය; එය දාවිත්ගේ නුවර විය.


ඔව්හු උත්තරදෙමින්: අපි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට ප්‍රථම ගොඩනගනලද්දාවූ, ඉශ්‍රායෙල්හි මහත් රජෙකු විසින් ගොඩනගා නිමකරනලද්දාවූ ගෘහය අපි නැවත ගොඩනගමුව.


තවද යෙහෝෂාපාට්ට බොහෝසෙයින් වස්තුවද ගෞරවයද තිබුණේය; ඔහු ආහබ් සමඟ නෑකම් බැඳගත්තේය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය.


අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?


පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.


සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැගුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය.


ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණ ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානවූ ගෙයක් සාලමොන් තමා භාර්යාකොට පාවාගත් ඵාරාවෝගේ දුවටත් සෑදුවේය.


තවද සාලමොන් විසින් ගෘහ දෙක එනම් ස්වාමීන්වහන්සේගේ ගෘහය සහ රජ ගෙය ගොඩනැගීමට ගත කළ විසි අවුරුද්දට පසු,


තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.


තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද ගොඩනගා, සාලමොන් තමාගේ මුළු ආශාවේ හැටියට සාදන්ට කැමතිවූ සියල්ලත් නිමකළ විට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්