Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:52 - Sinhala Revised Old Version

52 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයේද තමාගේ මෑණියන්ගේ මාර්ගයේද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ මාර්ගයේද හැසුරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

52 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, තමාගේ පියාගේ ද තමාගේ මවගේ ද අඩි පාරේ ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්සූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ අඩි පාරේ ද ගමන් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, තමාගේ පියාගේ ද තමාගේ මවගේ ද අඩි පාරේ ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්සූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ අඩි පාරේ ද ගමන් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:52
14 හුවමාරු යොමු  

ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය.


(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.


මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.


ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මවුගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ හිසයයි ඈ කීවාය.


ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්‍රණකාරී වූවාය.


යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.


ඔහු ආහබ්ගේ වංශයේ මාර්ගයෙහි හැසිර, ආහබ්ගේ වංශය කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහු ආහබ්ගේ පවුලට බෑනා වුණේය.


එසේ වුවත් ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයේ හැටියටද හැසුරුණේය.


මෙසේ ආහබ් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජ වුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්