Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:49 - Sinhala Revised Old Version

49 එකල ආහබ්ගේ පුත්‍රවූ අහසියා: මාගේ සේවකයෝ නුඹේ සේවකයන් හා සමඟ නැව්වල යෙත්වයි යෙහෝෂාපාට්ට කීවේය. නුමුත් යෙහෝෂාපාට් කැමති වුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 එකල ආහබ්ගේ පුත් අහසියා, “මාගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ නැව්වල යාත්‍රා කරත් වා”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. එහෙත්, ජෙහෝෂාපාට් එකඟ වූයේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 එකල ආහබ්ගේ පුත් අහසියා, “මාගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ නැව්වල යාත්‍රා කරත් වා”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. එහෙත්, ජෙහෝෂාපාට් එකඟ වූයේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:49
8 හුවමාරු යොමු  

යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.


යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරන ලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.


මින්පසු යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්‍රායෙල් රජවූ අහසියාට එකතුවුණේය.


සාලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශීයොන්ගෙබෙර්හි නැව් සෑදෙවුවේය.


හීරාම්ද මුහුදේ කාරණා දන්නාවූ නැව්කාරයින් වන තමාගේ සේවකයන් සාලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවුවේය.


ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.


මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.


අප විසින් ඇසූ ලෙසම සේනාවල ස්වාමීන්ගේ නුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී, දුටිමුව. දෙවියන්වහන්සේ එය සදාකල් පිහිටුවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්