Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:37 - Sinhala Revised Old Version

37 මෙසේ රජ මැරී සමාරියට ගෙනයන ලද්දේය; ඔව්හු රජු සමාරියේ තැන්පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:37
7 හුවමාරු යොමු  

එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වේලේ සේනාව මුළුල්ලෙහි ප්‍රසිද්ධයක් කරනලද්දේය.


තවද ඔව්හු වේශ්‍යාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය.


ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය.


ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.


නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.


මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්