Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:36 - Sinhala Revised Old Version

36 එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වේලේ සේනාව මුළුල්ලෙහි ප්‍රසිද්ධයක් කරනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:36
11 හුවමාරු යොමු  

යූදාවරු ඉශ්‍රායෙල්වරුන්ට පරාජයවී සියල්ලෝම තම තමුන්ගේ කූඩාරම්වලට පලාගියෝය.


සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.


නුඹලා නොයන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. මෙසේ ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හැරී ගියෝය.


සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


එවිට රජ නැගිට දොරටුවේ හිඳගත්තේය. රජ දොරටුවේ හිඳිනේයයි මුළු සෙනඟට දන්වනලද්දේය. මුළු සෙනඟද රජු ඉදිරියට ආවෝය. ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ කූඩාරම්වලට පලාගොස් සිටියෝය.


පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.


එකල ඉශ්‍රායෙල් පුත්‍රවූ සියලු මනුෂ්‍යයෝ තමතමුන්ගේ ගෝත්‍රයද පෙළපතද කරා ගියෝය, එතනින් එකිනෙකා තමතමාගේ උරුමයට පිටත්ව ගියේය.


ඒ දවසේ යුද්ධය තදබල වුණේය. රජතෙමේ සිරියවරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇතුව රථයේ කෙලින් සිටුවනුලැබ, සවස මළේය. තුවාලයෙන් ලේ රථයේ පතුලට ගලාගෙන ගියේය.


මෙසේ රජ මැරී සමාරියට ගෙනයන ලද්දේය; ඔව්හු රජු සමාරියේ තැන්පත්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්