Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:4 - Sinhala Revised Old Version

4 එසේ යෙස්‍රෙයෙලිය නාබොත්: මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමියි කී වචනය නිසා ආහබ් ශෝකව අසන්තෝෂව තමාගේ ගෙට ගොස්; ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:4
21 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජ ශෝකව අසන්තෝෂව තමාගේ ගෙදරට ගොස් සමාරියට ආයේය.


නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.


යක්ෂයාට ඉඩ නොදෙන්න.


ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.


නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය.


සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.


මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.


මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය.


ඔහු: රාජ පුත්‍රය, නුඹ දවසින් දවස මෙසේ කෘශවෙන්නේ මක්නිසාද? මට කියන්නේ නැද්දැයි ඔහුට කීය. එවිට අම්නොන්: මාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට ආලය ඇත්තෙමියි ඔහුට කීය.


අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය.


නුමුත් ඔහු අකැමැතිව: මම නොකමියි කීය. නුමුත් ඔහුගේ සේවකයෝද ඒ ස්ත්‍රීද ඔහුට පෙරැත්තකළ නිසා ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී බිමින් නැගිට ඇඳේ හිඳගත්තේය.


ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.


එවිට ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල් ඔහු ළඟට ඇවිත්: නුඹේ සිත අප්‍රසන්නව තිබෙන්නෙක් නුඹ කෑම නොකා සිටින්නෙත් මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවාය.


එහෙත් යුදෙව්වා වන මොර්දෙකයි රජවාසල ඉඳගන ඉන්නවා මට පෙනෙනකල් මේ සියල්ල මට මොකටදැයි කීවේය.


නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක.


තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්