Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:22 - Sinhala Revised Old Version

22 නුඹ මා කෝපකරවමින් ඉශ්‍රායෙල්ට පව්කරන්ට සලස්වමින් කළ ක්‍රියාව නිසා නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද කරන්නෙමියි කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:22
11 හුවමාරු යොමු  

මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි.


තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


මක්නිසාද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක රූපවලින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට ඉශ්‍රායෙල්ට පව් කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපවල හැටියටද හැසුරුණේය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයේ හැටියටද හැසුරුණේය.


ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියේය.


මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.


යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.


ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද වන්ට සලස්වන්නෙමි.


එබැවින් ස්වාමීන්වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධව කී තමන්ගේ වචනයෙන් කිසිවක් හිස් නොවන බව දැනගන්න. ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ එලියා ලවා කියෙවු දේ ඉෂ්ටකළසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්