Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:14 - Sinhala Revised Old Version

14 නාබොත් ගල්ගසනු ලැබ මළේයයි යෙසෙබෙල්ට කියා යැවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 “නාබොත් ගල් ගසනු ලැබ මළේ ය”යි ජෙශෙබෙල්ට කියා යැවුවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “නාබොත් ගල් ගසනු ලැබ මළේ ය”යි ජෙශෙබෙල්ට කියා යැවුවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:14
6 හුවමාරු යොමු  

පොළොවෙහි කෙරෙන නිෂ්ඵලකමක් ඇත; එනම් සමහරවිට දුෂ්ටයන්ගේ ක්‍රියාවේ හැටියට ධර්මිෂ්ඨයන්ට සිද්ධවීමත් ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාවේ හැටියට දුෂ්ටයන්ට සිද්ධවීමත්ය. මේකත් නිෂ්ඵලකමක්යයි කීමි.


දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:


තවද නාබොත් ගල්ගසනු ලැබ මළ බව යෙසෙබෙල් ඇසූ විට ඈ ආහබ්ට කථාකොට: යෙස්‍රෙයෙලිය නාබොත් නුඹට විකුණන්නට අකැමැතිවූ ඔහුගේ මිදිවත්ත නුඹ ගොස් හිමිකරගන්න. මක්නිසාද නාබොත් ජීවත්ව නැත, ඔහු මැරිලායයි කීවාය.


එවිට පණිවිඩකාරයෙක් ඇවිත්: රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනැවිත් තිබේයයි ඔහුට දැන්නුවේය. හෙට වෙන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැයි ඔහු කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්