Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 20:39 - Sinhala Revised Old Version

39 රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මම සටන් මධ්‍යයට ගියෙමි; එවිට එක් මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකු මා ළඟට ගෙනැවිත් කථාකොට–මේ මනුෂ්‍යයා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය දෙන්ට වේ, නැතහොත් රිදී තලෙන්තයක් ගෙවන්ට ඕනෑයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා, “ඔබේ මෙහෙකරු වන මම සටන් මධ්‍යයට ගියෙමි. එවිට එක් මිනිසෙක් තවත් මිනිසෙකු මා ළඟට ගෙනවුත් කතා කොට, ‘මේ මිනිසා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත්, ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ. නැතහොත් රිදී කාසි තුන්දාහක් ගෙවිය යුතු ය’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා, “ඔබේ මෙහෙකරු වන මම සටන් මධ්‍යයට ගියෙමි. එවිට එක් මිනිසෙක් තවත් මිනිසෙකු මා ළඟට ගෙනවුත් කතා කොට, ‘මේ මිනිසා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත්, ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ. නැතහොත් රිදී කාසි තුන්දාහක් ගෙවිය යුතු ය’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:39
14 හුවමාරු යොමු  

නුමුත් ඔබගේ මෙහෙකරුවා එහෙ මෙහෙ කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේයයි කීවේය. ඉශ්‍රායෙල් රජ: නුඹේ තීන්දුව එසේම වන්නේය; නුඹම ඒක තීන්දුකෙළහියයි කීවේය.


ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.


ඔව්හු යාගද දවන පූජාද ඔප්පුකරන්ට ඇතුළට ගියෝය. එවිට යේහු මනුෂ්‍යයන් අසූදෙනෙක් පිටත සිටුවා: මා විසින් නුඹලා අතට අසුකරදෙන මනුෂ්‍යයන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්ට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්ට වේයයි කියා තිබුණේය.


එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න; මිදීමේ මිලයේ මහත්කම නිසා මුළා නොවෙන්න.


තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද


ඔහුට දඩයක් නියමකරන ලද්දේ වීනම් ඔහුට නියම කරන සියල්ලේ හැටියට ඔහු තමාගේ ප්‍රාණය මුදා ගැනීම පිණිස දිය යුතුය.


මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.


ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.


ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්