Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:15 - Sinhala Revised Old Version

15 එවිට ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස්කෙළේය, ඔව්හු දෙසිය තිස් දෙදෙනෙක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද රැස්කෙළේය, ඔව්හු සත් දහසක් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉන්පසු ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කෙළේ ය. ඔව්හු දෙසියතිස්දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පසු ව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්රායෙල් ජනයා ද රැස් කෙළේ ය. ඔව්හු සත්දහසක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉන්පසු ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කෙළේ ය. ඔව්හු දෙසියතිස්දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පසු ව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්රායෙල් ජනයා ද රැස් කෙළේ ය. ඔව්හු සත්දහසක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:15
11 හුවමාරු යොමු  

ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.


සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය.


එසේ වුවත් බාල්ට නොනැමූ දණද ඔහු නොසිම්බාවූ මුඛද ඇති සියල්ලන් වන සත්දහස් දෙනෙක් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඉතුරුකරගන්නෙමියි ඔහුට කීසේක.


යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.


සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රොන්හි තිබෙන දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ සිටි සෙනඟ හසියයක් පමණ මනුෂ්‍යයෝය.


ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම් තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණෑද ඇතුළේ පන්දම් ඇති හිස් කළද දී


ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.


ආහබ්: කා ලවාදැයි ඇසුවේය. ඔහුද: ජනපදවල අධිපතීන්ගේ සේවකයන් ලවායයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එවිට ආහබ්: සටන පටන්ගන්නේ කවුදැයි ඇසුවේය. ඔහුද: ඔලයයි උත්තරදුන්නේය.


ඉරමුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝය. එහෙත් බෙන්-හදද් වනාහි තමාට උපකාරකරන රජවරුන් තිස් දෙනාත් සමඟ මත්වෙන තරම් කූඩාරම්වල බිබී හුන්නේය.


මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්