Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 2:42 - Sinhala Revised Old Version

42 රජතෙමේ ෂිමෙයිට අඬගස්වා ඔහුට කථාකොට: නුඹ කොහේ නුමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගනින්න කියා මා නුඹට සහතිකකොට නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේද? නුඹද–මා ඇසූ කීම යහපතැයි මට කීයෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:42
6 හුවමාරු යොමු  

එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;


නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.


අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.


ෂිමෙයි යෙරුසලමෙන් ගාත්ට ගොස් දෙවනු ආ බව සාලමොන්ට දන්වනලද්දේය.


ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා කළ දිවුරුමත් මා නුඹට අණකළ ආඥාවත් රක්ෂානොකළේ මක්නිසාදැයි ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්