Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 2:30 - Sinhala Revised Old Version

30 බෙනායා ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ඇතුල්වී: පිටත එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීය. නැත; මම මෙතන නසින්නෙමියි ඔහු කීවේය. එවිට බෙනායා ගොස්: යෝවාබ් මෙසේ කියමින් මට මෙසේ උත්තරදුන්නේයයි රජුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, “පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. “මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, “පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. “මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:30
3 හුවමාරු යොමු  

යෝවාබ් ස්වාමීන්වහන්සේගේ කූඩාරමට පලාගිය බවද ඔහු පූජාසනය ළඟ සිටින්නේය කියාද සාලමොන් රජුට දන්වනලද්දේය. එවිට සාලමොන්: නුඹ ගොස් ඔහු මරන්නැයි කියා යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය.


රජ ඔහුට කියනුයේ: ඔහු කී ලෙස කොට ඔහු මරා තැන්පත්කරන්න; එසේ කිරීමෙන් යෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන්ද මාගේ පියාගේ වංශයෙන්ද පහකරන්න.


බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්