Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 19:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේපකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, දමස්කයේ පාළුකර මාර්ගයෙන් ම ආපසු යන්න. ගොස් හසායෙල් සිරියාවේ රජකමට ආලේප කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, දමස්කයේ පාළුකර මාර්ගයෙන් ම ආපසු යන්න. ගොස් හසායෙල් සිරියාවේ රජකමට ආලේප කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 19:15
9 හුවමාරු යොමු  

බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.


තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කියනසේක:


ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි.


මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)


ඔහු ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාල කළෝය.


තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්