Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 19:12 - Sinhala Revised Old Version

12 පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු නිසලතාව තුළින් සියුම් හඬක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 19:12
15 හුවමාරු යොමු  

ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය; මාගේ ඇස් ඉදිරියෙහි ස්වරූපයක් තිබුණේය. නිශ්ශබ්දකමක්ද වූයේය, එවිට හඬක් මට ඇසුණේය; එනම්,


එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ගින්න මැද සිට කථාකරන දෙවියන්වහන්සේගේ හඬ නුඹ විසින් ඇසුවාක් මෙන් වෙන යම් සෙනඟක් අසා ජීවත් වුණාද?


මාගේ භීතිය නුඹ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම නුඹට බරක් නොවන්නේය.


ස්වාමීන්වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩිමින්: ස්වාමීන්වහන්සේය, ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.


ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය.


තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.


මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.


තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.


තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.


එලියා පනසාධිපතියාට උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි කීවේය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය.


එවිට ස්වාමීන්වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් ධූලිත් දවා අගළේ වතුරත් වියළවා දැම්මේය.


ස්වාමීන්වහන්සේ හොරේබ්හි ගින්න මැද සිට නුඹලාට කථාකළ දවසේදී නුඹලා කිසි රූපාකාරයක් දුටුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්