Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:8 - Sinhala Revised Old Version

8 යූදාහි රජවූ ආසාගේ විසි හවෙනි අවුරුද්දේදී බාෂාගේ පුත්‍රවූ ඒලා ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ජුදාහි රජ වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ දී බාෂාගේ පුත් ඒලා ඉශ්රායෙල්වරුන්ගේ රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ජුදාහි රජ වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ දී බාෂාගේ පුත් ඒලා ඉශ්රායෙල්වරුන්ගේ රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:8
12 හුවමාරු යොමු  

ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.


ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.


ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,


දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.


යූදාහි ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුත්‍රවූ බාෂා තිර්ශාහි සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසිහතර අවුරුද්දක් රජකම්කෙළේය.


බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තිර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්‍රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය.


යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.


එකල ඉශ්‍රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත්‍රවූ තිබ්නී රජකරගන්ට ඔහුට එකතුවුණේය; අනික් කොටස ඔම්රීට එකතුවුණේය.


යූදාහි රජවූ ආසාගේ තිස් එක්වෙනි අවුරුද්දේදී ඔම්රී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම්කෙළේය.


එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.


යූදාහි රජවූ අශරියාගේ පනස්වෙනි අවුරුද්දේදී මෙනහෙම්ගේ පුත්‍රවූ පෙකහියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය.


ආමොන් විසි අවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මෙෂුල්ලෙමෙත්ය, ඈ යොත්බාහි හාරුශ්ගේ දුවෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්