Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:6 - Sinhala Revised Old Version

6 බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තිර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්‍රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 බාෂා මරණයට පත් වූ පසු තිර්ශාහි භූමදාන කරන ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 බාෂා මරණයට පත් වූ පසු තිර්ශාහි භූමදාන කරන ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:6
8 හුවමාරු යොමු  

යෙරොබොවම්ගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඈ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය.


බාෂා ඒ අසා රාමා ගොඩනැගීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේය.


යූදාහි රජවූ ආසාගේ විසි හවෙනි අවුරුද්දේදී බාෂාගේ පුත්‍රවූ ඒලා ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම්කෙළේය.


යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යූදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය.


යෙරොබොවම් රජකම්කළ කාලය විසි දෑවුරුද්දක්ය. ඔහු තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහුගේ පුත්‍රවූ නාදාබ් ඔහු වෙනුවට රජ වුණේය.


ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.


ඔම්රී තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්