Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:30 - Sinhala Revised Old Version

30 ඔම්රීගේ පුත්‍රවූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑමදෙනාට වඩා ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:30
11 හුවමාරු යොමු  

ඔම්රී ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්‍රියාකෙළේය.


(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.


නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙවිවරුන්ද වාත්තු පිළිමද සාදාගන මට පිටිපෑ බැවින්,


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය.


ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය.


තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.


යූදාහි රජවූ ආසාගේ තිස් අටවෙනි අවුරුද්දේදී ඔම්රීගේ පුත්‍රවූ ආහබ් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී, සමාරියේ විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.


ඔහු බාල්ට සේවයකර ඔහුට නමස්කාරකරමින් තමාගේ පියා කළ ප්‍රකාරයටම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.


යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, එහෙත් තමාට පළමුවෙන් සිටි ඉශ්‍රායෙල් රජවරුන් මෙන් නොවේය.


ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්