Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:24 - Sinhala Revised Old Version

24 ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:24
16 හුවමාරු යොමු  

මක්නිසාද ඔහු බෙතෙල්හි පූජාසනයටත් සමාරීය නුවරවල උස් තැන්හි තිබෙන සියලු ගෘහවලටත් විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ආඥාව පරිදි මොරගසා කී වචනය ඉෂ්ටවෙනවාම ඇතැයි කීවේය.


අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.


තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.


යූදාහි රජවූ ආහාස්ගේ දොළොස් වෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී නව අවුරුද්දක් රජකම්කෙළේය.


මෙසේ රජ මැරී සමාරියට ගෙනයන ලද්දේය; ඔව්හු රජු සමාරියේ තැන්පත්කළෝය.


තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.


එලියා ආහබ්ට පෙනෙන්ට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය.


තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය;


ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියෝය. යේහු ලියුම් ලියා සමාරියේ සිටි යෙස්‍රෙයෙල්හි අධිපතීන්වූ වැඩිමහල්ලන්ටද ආහබ්ගේ දරුවන් ඇතිදැඩිකළ තැනැත්තන්ටද ඇරියේය.


යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් යූදාහි රජවූ උස්සියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී රජවී මාසයක කාලය සමාරියෙහි රජකම්කෙළේය.


ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.


සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්‍රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඔව්හු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමයෝය, ඉශ්‍රායෙල් වංශයද ඔවුන් ළඟට එන්නෝය.


මේ සියල්ල වන්නේ යාකොබ්ගේ වරද සහ ඉශ්‍රායෙල් වංශයේ පාපවල් නිසාය. යාකොබ්ගේ වරද මොකද? සමාරිය නොවේද? යූදාහි උස්තැන් මොනවාද? යෙරුසලම නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්