Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:16 - Sinhala Revised Old Version

16 සිම්රි කුමන්ත්‍රණයකොට රජුටත් පහරදුන්නේය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට සියලු ඉශ්‍රායෙල්වරු සේනාපතිවූ ඔම්රී ඒ දවසේ කඳවුරේදී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ‘සිම්රී කුමන්ත්‍රණ කොට රජුටත් පහර දුන්නේ ය’ කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට, සියලු ඉශ්රායෙල්වරු ඔවුන්ගේ සේනාපති වූ ඔම්රී ඒ දවසේ කඳවුරේ දී ඉශ්රායෙල්වරුන්ගේ රජ ලෙස පත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ‘සිම්රී කුමන්ත්‍රණ කොට රජුටත් පහර දුන්නේ ය’ කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට, සියලු ඉශ්රායෙල්වරු ඔවුන්ගේ සේනාපති වූ ඔම්රී ඒ දවසේ කඳවුරේ දී ඉශ්රායෙල්වරුන්ගේ රජ ලෙස පත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:16
7 හුවමාරු යොමු  

මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.


අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.


අහසියා විසි දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතාලියාය, ඈ ඉශ්‍රායෙල් රජවූ ඔම්රීගේ දුවෙක්ය.


ඔම්රීගේ පුත්‍රවූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑමදෙනාට වඩා ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.


ඔම්රීද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිබ්බෙතෝන් සිට ගොස් තිර්ශා වටලාගත්තෝය.


තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්