Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:13 - Sinhala Revised Old Version

13 ඉශ්‍රායෙල්ට කරන්ට සැළැස්සුවාවූද ඔවුන්ගේ සියලු පාපවල් නිසා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යේහු ලවා බාෂාට විරුද්ධව කියෙවූ උන්වහන්සේගේ වචනයේ හැටියටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉශ්රායෙල්වරුන්ට කිරීමට සලස්වන ලද ඔවුන්ගේ සියලු පාප නිසා උන් වහන්සේ දිවැසිවර ජේහු ලවා බාෂාට විරුද්ධ ව දෙන ලද තමන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉශ්රායෙල්වරුන්ට කිරීමට සලස්වන ලද ඔවුන්ගේ සියලු පාප නිසා උන් වහන්සේ දිවැසිවර ජේහු ලවා බාෂාට විරුද්ධ ව දෙන ලද තමන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:13
15 හුවමාරු යොමු  

දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵලකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.


බලව, ඔවුන් සියල්ලෝම කිසිත් නැතිකමය, ඔවුන්ගේ වැඩ නිෂ්ඵලකමය; ඔවුන්ගේ පිළිම සුළඟ සහ වියවුලය.


එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය.


එසේ ගියොත් පිහිටවෙන්ටවත් ගළවන්ටවත් නොහැකිවූ නිරර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක්නිසාද ඒවා නිරර්ථක දේවල්මය.


ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.


බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති.


ඒවා තුළ හුස්ම නැත. ඒවා නිෂ්ඵලකමය, මායාවේ වැඩක්ය. ඒවාට දඬුවම් කරන කාලයේදී ඒවා විනාශවන්නේය.


ඔව්හු ඒකාකාරයෙන් මූඪව අඥානව සිටිති. ඒ පිළිමයන්ගේ ධර්මය, ලීයක් සමානය.


උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය.


ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


මක්නිසාද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක රූපවලින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට ඉශ්‍රායෙල්ට පව් කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපවල හැටියටද හැසුරුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්