Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:1 - Sinhala Revised Old Version

1 එවිට ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාට විරුද්ධව හනානීගේ පුත්‍රවූ යේහු වෙතට පැමිණ කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාට විරුද්ධ ව හනානීගේ පුත් ජේහු වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාට විරුද්ධ ව හනානීගේ පුත් ජේහු වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:1
7 හුවමාරු යොමු  

යෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි අන්තර්ගතවූ, හනානීගේ පුත්‍ර යේහුගේ ඉතිහාසයෙහි ලියා තිබේ.


නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.


යූදාහි ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුත්‍රවූ බාෂා තිර්ශාහි සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසිහතර අවුරුද්දක් රජකම්කෙළේය.


ඔබවහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වනසේක, ඔබ පියවරුන්ගේ අයුතුකම ගැන ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ගේ ළයට ප්‍රතිඵලද දෙනසේක. ඔබ මහත්වූ, පරාක්‍රමවත්වූ, සේනාවල ස්වාමීන්වහන්සේය යන නාමය ඇත්තාවූ,


එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්