Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 15:27 - Sinhala Revised Old Version

27 තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 15:27
15 හුවමාරු යොමු  

ඇරත් ඒ දවසේදී යෙරොබොවම්ගේ වංශය සිඳ දැමීමට ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජෙක් නැගුටුවා ගන්නවා ඇත. මේ දැන්ම වුවත් මොකද?


දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ එහි පිට-බිම්ද ගිබ්බෙතොන් සහ එහි පිට-බිම්ද,


එල්තෙකේද ගිබ්බෙතොන්ද බාලාත්ද,


යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.


ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.


ඔම්රීද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිබ්බෙතෝන් සිට ගොස් තිර්ශා වටලාගත්තෝය.


ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,


යූදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය.


ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.


සිම්රි ඇතුල්වී යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී ඔහුට පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.


සිම්රි කුමන්ත්‍රණයකොට රජුටත් පහරදුන්නේය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට සියලු ඉශ්‍රායෙල්වරු සේනාපතිවූ ඔම්රී ඒ දවසේ කඳවුරේදී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට පත්කළෝය.


මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)


ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.


ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්