Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 15:20 - Sinhala Revised Old Version

20 එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ සේනාපතියන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යවා, ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-බෙත්මයකාටත් මුළු නප්තලී දේශය ඇතුළුව මුළු කින්නරෝත්ටත් පහරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එවිට බෙන්‍-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්‍රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එවිට බෙන්‍-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්‍රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 15:20
10 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


ඉශ්‍රායෙල්ට දාව උපන් තමුන්ගේ පියවූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නුවරට දාන් යන නම තැබුවෝය. නුමුත් පළමුවෙන් ඒ නුවර නම ලායිෂ්ය.


උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහිත් පාත රටෙත් බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටිය රජවරුන්ටද,


ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.


නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.


ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.


තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.


බෙන්-හදද්ද: මාගේ පියාණන් විසින් ඔබගේ පියාණන්ගෙන් ගත් නුවරවල් දෙවනු දෙන්නෙමි; මාගේ පියාණන් සමාරියෙහි වීථි සෑදුවාක් මෙන් ඔබට දමස්කයෙහි සාදාගන්ට පුළුවනැයි කීවේය. ආහබ්ද: මමත් මේ ගිවිසුම පිට ඔබට යන්ට හරිමියි කියා, ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්ට හැරියේය.


නප්තලීගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්