Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:27 - Sinhala Revised Old Version

27 රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:27
11 හුවමාරු යොමු  

රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: නුඹලා ළංවී ස්වාමීන්වහන්සේගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.


ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය.


ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.


නුමුත් ස්වාමීන්වහන්සේ අහියාට කථාකොට: බලව, යෙරොබොවම්ගේ භාර්යාව ලෙඩින් ඉන්න ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්ට එන්නීය. ඈට මේ මේ ආකාර කථාකරන්න. ඈ එන විට අන් තැනැත්තියක් මෙන් පෙන්වනවා ඇතැයි කීසේක.


ඒ කාලයෙහි යෙරොබොවම්ගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය.


ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.


එහෙත් උරියා තමාගේ ගෙදරට නොගොස් තමාගේ ස්වාමිහුගේ සියලු මෙහෙකරුවන් සමඟ රජ ගෙයි දොරකඩ නිදාගත්තේය.


රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.


සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වා ස්වාමීන්වහන්සේගේ ගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට:


තවද ඔහු ශතාධිපතීන්ද කාරියවරුන්ද මුරකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජගෙදරට පැමුණුණේය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි හිඳගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්