Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:24 - Sinhala Revised Old Version

24 සොදාමියයෝද දේශයෙහි සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:24
11 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.


නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්,


ස්වාමීන්වහන්සේගේ ගෘහය ළඟ තිබුණාවූ සොදොමියයන්ගේ ගෙවලුත් ඔහු බිඳදැම්මේය. එහි ස්ත්‍රීහු අෂේරා රූපවලට තිර වියුවෝය.


ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය.


තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන් ඔහු දේශයෙන් සිඳදැමුවේය.


ඉක්බිති ඔව්හු ලොත්ට හඬගසමින්: අද රාත්‍රියේ නුඹ වෙතට ආවාවූ මනුෂ්‍යයෝ කොහේද? අප විසින් ඔවුන් හැඳිනගන්නා පිණිස ඔවුන් අප ළඟට පිටතට ගෙනෙන්නැයි කීවෝය.


ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: නුඹේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇඳිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය.


නුඹලා මේ පිළිකුල්වලින් කිසිවක් නොකොට, මාගේ පනත් හා මාගේ විනිශ්චයයන් පවත්වන්න; ස්වදේශියෙක් වුවත් නුඹලා අතරේ සිටින විදේශියෙක් වුවත් එසේ පවත්වන්ට ඕනෑය.


එබැවින් නුඹලාට පළමුවෙන් කරනලද මේ පිළිකුල් සිරිත්වලින් කිසිවක් පවත්වා නුඹලා ඒවායින් අපවිත්‍ර නොවෙන පිණිස, මාගේ නියමය රක්ෂාකරන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්