Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:14 - Sinhala Revised Old Version

14 ඇරත් ඒ දවසේදී යෙරොබොවම්ගේ වංශය සිඳ දැමීමට ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජෙක් නැගුටුවා ගන්නවා ඇත. මේ දැන්ම වුවත් මොකද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:14
8 හුවමාරු යොමු  

තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.


සහෝදරයෙනි, නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරන්න. බලව, විනිශ්චයකාරයාණන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක.


නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.


ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.


නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්