Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:10 - Sinhala Revised Old Version

10 මම යෙරොබොවම්ගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවම්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳ දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවම්ගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:10
25 හුවමාරු යොමු  

මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතළ බවත් දාසයන්ද නිර්දාසයන්ද නැතිවී ගිය බවත් ඉශ්‍රායෙල්ට උපකාරකරන කෙනෙක් නැති බවත් ස්වාමීන්වහන්සේ දුටු සේක.


බලව, මම නුඹ පිටට විපත පමුණුවා නුඹ සහමුලින්ම අහකට පිසදමා ආහබ්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳදමා,


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත.


ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන්මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන්ද ඔවුන්ගේ මාංසය කසළ මෙන්ද වගුරනු ලබන්නේය.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


ඔව්හු තීර්හි පවුරු නාස්තිකොට එහි කොත් බිඳදමන්නෝය. මම එහි ධූලි එතනින් අතුගාදමා එය මුඩු පර්වතයක් කරන්නෙමි.


ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.


මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.


ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය.


තවද සමාරිය මැන්න ලනුවද ආහබ්ගේ වංශයේ ලඹයද යෙරුසලම කෙරෙහි අල්ලා, මනුෂ්‍යයෙක් තැටියක් පිසදමා, පිසදැමුවාම මුණින් පෙරළා තබන්නාක් මෙන් යෙරුසලම පිසදමන්නෙමි.


මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.


තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය.


මක්නිසාද නුඹට හිංසා කිරීමෙන් මා වැලැක්වුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, නුඹ ඉක්මනින් මා සම්බවෙන්ට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක්වත් හෙට එළිවෙනකොට ඉතුරු නොවන්නේයයි කීවේය.


මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.


මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි.


ඔබවහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වනසේක, ඔබ පියවරුන්ගේ අයුතුකම ගැන ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ගේ ළයට ප්‍රතිඵලද දෙනසේක. ඔබ මහත්වූ, පරාක්‍රමවත්වූ, සේනාවල ස්වාමීන්වහන්සේය යන නාමය ඇත්තාවූ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්