Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 13:26 - Sinhala Revised Old Version

26 මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්සේක; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මාර්ගයෙන් ඔහු කැඳවාගත් දිවැසිවරයා එපවත් අසා, “ඒ වනාහි සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වූ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔහුට දුන් පණිවුඩය ලෙස උන් වහන්සේ ඔහු සිංහයාට පාවා දුන් සේක. ඌ ඔහු ඉරා මරා දැමී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මාර්ගයෙන් ඔහු කැඳවාගත් දිවැසිවරයා එපවත් අසා, “ඒ වනාහි සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වූ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔහුට දුන් පණිවුඩය ලෙස උන් වහන්සේ ඔහු සිංහයාට පාවා දුන් සේක. ඌ ඔහු ඉරා මරා දැමී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:26
11 හුවමාරු යොමු  

මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.


ඉන්නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති.


බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!


ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.


නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.


ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?


ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය.


තවද ඔහු: කොටළුවා මට සූදානම් කරදෙන්නැයි තමාගේ පුත්‍රයන්ට කීවේය. ඔවුන් ඌ සූදානම් කළ විට ඔහු ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්