Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 13:22 - Sinhala Revised Old Version

22 හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා නුඹට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී නුඹ කෑම කා වතුර බිවූ නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 හැරී අවුත්, යම් ස්ථානයක දී කෑම කන්න වත්, වතුර බොන්න වත් එපා යයි නුඹට වදාළ සේක් ද, ඒ ස්ථානයෙහි දී නුඹ කෑම කා, වතුර බිවු නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන් ගෙට නොපැමිණෙන්නේ ය’ “යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 හැරී අවුත්, යම් ස්ථානයක දී කෑම කන්න වත්, වතුර බොන්න වත් එපා යයි නුඹට වදාළ සේක් ද, ඒ ස්ථානයෙහි දී නුඹ කෑම කා, වතුර බිවු නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන් ගෙට නොපැමිණෙන්නේ ය’ ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:22
8 හුවමාරු යොමු  

සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය.


තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය.


සෙනඟගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින්, මළකඳන් සොහොනක තබන්ට ඉඩ නොදෙති.


යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ආඥාව රක්ෂානොකොට,


තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්