Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 13:21 - Sinhala Revised Old Version

21 යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ආඥාව රක්ෂානොකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයාට ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වී, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ ආඥාව රක්ෂා නොකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයාට ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වී, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ ආඥාව රක්ෂා නොකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:21
19 හුවමාරු යොමු  

මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: නුඹ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට නුඹට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි නුඹ වැටෙනවාම ඇතැයි කීවෝය.


මක්නිසාද–නුඹ එහිදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ යන මාර්ගයෙන් හැරී එන්ටවත් එපාය කියා ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය.


ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට දන්වමින්: නුඹ කැමති කොයි එකටද? නුඹේ දේශයේ සත් අවුරුද්දක් සාගතය නුඹට පැමිණෙනවාටද? නොහොත් තුන් මාසයක් නුඹේ සතුරන් නුඹ පස්සේ එළවාගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියෙන් පලායනවාටද? නොහොත් නුඹේ දේශයෙහි තුන්දවසකට වසංගතයක් පැමිණෙනවාටද? දැන් ඉතින් කල්පනාකර මා එවූ තැනන්වහන්සේට කෙබඳු උත්තරයක් මා විසින් දිය යුතුදැයි කල්පනාකර බලන්නැයි කීවේය.


එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.


ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, කොල්ලය පිටට පැන, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළේ මක්නිසාදැයි කීවේය.


ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.


ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය.


ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය.


හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා නුඹට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී නුඹ කෑම කා වතුර බිවූ නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.


එවිට ඔහු: නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා නුඹ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් නුඹ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්