Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:6 - Sinhala Revised Old Version

6 රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:6
10 හුවමාරු යොමු  

වෘද්ධ වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.


ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය.


හෝෂායාගේ පුත්‍රවූ අසරියාද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද උඩඟුවූ සියලු මනුෂ්‍යයෝද යෙරෙමියාට කථාකොට: නුඹ බොරු කියන්නෙහිය. මිසරයෙහි පොරොත්තුව සිටීමට එහි යන්ට එපායයි කියන්ට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එවුවා නොව,


නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.


ඔහුට සිටි අධිපතීහු මොව්හුය: ශාදොක්ගේ පුත්‍රවූ අශරියා පූජකයාය;


එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය.


එවිට අබ්සලොම් අහිතොපෙල්ට කථාකොට: අප විසින් කුමක් කටයුතුදැයි මන්ත්‍රණය කොට කියන්නැයි කීවේය.


සාලමොන් රජු මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටියේය.


ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්