Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:25 - Sinhala Revised Old Version

25 යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ජෙරොබෝවම් එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනඟා එහි වාසය කෙළේ ය. ඔහු එතැනින් ගොස් පෙනුයෙල් නගරය ශක්තිමත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ජෙරොබෝවම් එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනඟා එහි වාසය කෙළේ ය. ඔහු එතැනින් ගොස් පෙනුයෙල් නගරය ශක්තිමත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:25
15 හුවමාරු යොමු  

ඔහු පෙනුයෙල්හි කොටුවත් බිඳදමා නුවර මිනිසුන් මැරුවේය.


ඔහු එතැනින් පෙනුයෙල්ට ගොස් ඔවුන්ටත් එයාකාර කීවේය. එවිට පෙනුයෙල්හි මනුෂ්‍යයෝද සුක්කොත්හි මනුෂ්‍යයන් උත්තරදුන් හැටියට ඔහුට උත්තර දුන්නෝය.


ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය.


ඉශ්‍රායෙල් රජවූ බාෂා යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට පිටතට යන්ට හෝ ඇතුළට එන්ට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස රාමා ගොඩනැගුවේය.


රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය.


සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.


යෙරුබ්බාල්ගේ පුත්‍රවූ අබිමෙලෙක් ෂෙකෙම්හි සිට තමාගේ මවුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ටත් තමාගේ මවුගේ පිය වංශයේ මුළු පවුලටත් කථාකොට:


ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.


තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.


ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.


උන්වහන්සේ යාකොබ්ගේ කළවා සන්ධියේ නහරයට ගැසූ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ අද දක්වා කළවා සන්ධිය පිට තිබෙන නහරය නොකති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්