Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:18 - Sinhala Revised Old Version

18 එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ අදොරාම් යැවීය; සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වන අදොරාම් යැවී ය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළෝ ය. එසේ වූ විට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වන අදොරාම් යැවී ය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළෝ ය. එසේ වූ විට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:18
12 හුවමාරු යොමු  

අහිෂාර් වනාහි රජගෙදර ප්‍රධානියාය. අබ්දාගේ පුත්‍රවූ අදොනිරම් රාජකාරියේ මුලාදෑනියාය.


ඔහු මාසයකට දසදහසක් බැගින් වාර පිළිවෙළින් ඔවුන් ලෙබනොන්ට යැවීය. ඔව්හු එක මසක් ලෙබනොන්හිද දෙමසක් ගෙදරද සිටියෝය. අදොනිරාම් වනාහි රාජකාරියේ මුලාදෑනියා විය.


අදොරාම් රාජකාරියේ මුලාදෑනියාය. අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාය.


එවිට අධිපතියා සේවකයන් සමඟ ගොස්, බලාත්කාර නොකොට ඔවුන් ගෙනාවෝය; මක්නිසාද සෙනඟ ගල් ගසතියි කියා ඔව්හු භයවූවෝය.


බලවතුන් අතරෙහි ධෛර්ය සිතක් ඇති අයද ඒ දවසේ නිර්වස්ත්‍රව පලායන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.


එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ හදොරාම් යැවුවේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට ගල්ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.


එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.


මෝසෙස් ස්වාමීන්වහන්සේට මොරගසා: මේ සෙනඟ ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්