Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:14 - Sinhala Revised Old Version

14 තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් නුඹලාට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:14
20 හුවමාරු යොමු  

නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.


රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය.


යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.


ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.


විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.


උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.


ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය.


ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.


තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය.


තවද රජ සෙනඟට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනමිතිකම අත්හැර,


ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.


මම සභාව සහ සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමියි කියාත් නොකියන පිණිසද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්