Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:11 - Sinhala Revised Old Version

11 එසේය, මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම් කළාහ, මම ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම්කරන්නෙමියි කියා ඔවුන්ට කිය යුතුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එසේ ය, මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. මම වනාහි ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ, සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම කටු කසවලින් ඔබට දඬුවම් කරන්නෙමි’යි ඔවුන්ට දැන්විය යුතු ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එසේ ය, මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. මම වනාහි ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ, සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම කටු කසවලින් ඔබට දඬුවම් කරන්නෙමි’යි ඔවුන්ට දැන්විය යුතු ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:11
14 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා සහ කටු ගස් මෙන් වන්නේවී නුමුත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසයකරන්නේවී නුමුත්, ඔවුන්ටවත් ඔවුන්ගේ වචනවලටවත් භය නොවන්න, ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ගේ වචනවලට භය නොවන්න, ඔවුන්ගේ මුහුණුවලට නොකැලඹෙන්න.


නුමුත් බබිලෝනියේ රජුගේ වියගහ යට තමුන්ගේ බෙල්ල තබා, ඔහුට සේවයකරන ජාතියට තමුන්ගේම රටෙහි නැවතී, එය වටා, එහි වාසය කරන්ට ඉඩහරින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?


එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.


තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් නුඹලාට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරන්නෙමියි කීවේය.


ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය.


ඒ නිසා දැන් ගොස් වැඩකරන්න; පිදුරු කොහෙත්ම නුඹලාට දෙනු නොලැබේ, නුමුත් නුඹලාට නියම ගඩොල් ගණන භාරදෙන්ට ඕනෑයයි කීයේය.


ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබූහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළමැනවැයි කියා ඔබට කීවාවූ මේ සෙනඟට ඔබ මෙසේ කිය යුතුය–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළගිල්ල ලොකුය.


තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය.


එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්