Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:9 - Sinhala Revised Old Version

9 මෙසේ සාලමොන් තමාට දෙවරක් පෙනී, අන් දෙවිවරුන් පසුව නොයන ලෙස තමාට අණකළාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් තමාගේ සිත අහක්කරගත් බැවින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:9
20 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ගිබියොන්හිදී සාලමොන්ට පෙනුණාක් මෙන් දෙවෙනි වර ඔහුට පෙනුණුසේක.


ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.


ස්වාමීන්වහන්සේ ආරොන්ද විනාශකරන පිණිස ඔහුට විරුද්ධව ඉතා උදහස්ව සිටිසේක. මම ඒ ප්‍රස්තාවේදී ආරොන් උදෙසාත් යාච්ඤා කෙළෙමි.


හොරේබ්හිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේද නුඹලා විනාශකරන තරමට නුඹලාට කෝපවූසේක.


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.


එහෙත් ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව මට ඇහුම්කන්නොදී මට කථාකොට: ඔය ඇත, මේ කාරණය ගැන තවත් මට කථානොකරන්න.


ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක.


එවිට ස්වාමීන්වහන්සේගේ උදහස මෝසෙස්ට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ: නුඹේ සහෝදරවූ ලෙවීයයාවූ ආරොන් ඉන්නවා නොවේද? ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි. බලව, ඔහු නුඹ සම්බවන්ට එන්නේය. ඔහු නුඹ දුටුවාම තමන් සිතින් සන්තෝෂවන්නේය.


මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.


වේශ්‍යාකමද මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.


සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.


දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්‍රායෙල්ට පහරදුන්සේක.


වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.


තමුන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම්ද පූජාද ඔප්පුකළාවූ තමාගේ සියලු අන්‍ය ජාතික භාර්යාවන්ටත් ඔහු එසේම සාදා දුන්නේය.


මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්