Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:38 - Sinhala Revised Old Version

38 මාගේ මෙහෙකරුවූ දාවිත් කළාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද පවත්වමින්, මා විසින් නුඹට අණකරන සියල්ලට ඇහුම්කන්දී, මාගේ මාර්ගවල හැසිර, මාගේ ඇස් හමුවෙහි හරිවූ දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථිරවූ ගෘහයක් ගොඩනගාදුන්නාක් මෙන් නුඹටත් ගොඩනගාදී, ඉශ්‍රායෙල්වරුන් නුඹට භාරදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පණත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පනත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:38
20 හුවමාරු යොමු  

මුලදී කළ ලෙසද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. නුඹේ සියලු සතුරන්ගෙන් නුඹට නිදහස ලැබෙන්ට සලස්වන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට වංශයක් සාදාදෙන බව ස්වාමීන්වහන්සේ නුඹට දන්වන සේක.


නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.


ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට සිදුවූවාක් මෙන්ද දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්තිනොකරන්නෝය; නුඹේ සියලු සතුරන් යටත්කරන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට ගෘහයක් ගොඩනගන බව නුඹට දන්වමි.


නුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි.


ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.


නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ නුඹට සැබවින් ආශීර්වාද කරනවා ඇත;


දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.


තවද වින්නඹුවන් දෙවියන්වහන්සේට භයවූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වංශයක් සාදා දුන්සේක.


ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න.


මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය.


නුඹේ සිත ආසාවෙන සියල්ල කෙරෙහි නුඹ රජකම්කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වෙන පිණිස නුඹ පිළිගන්නෙමි.


දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය.


එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්