Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:29 - Sinhala Revised Old Version

29 ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:29
10 හුවමාරු යොමු  

සාලමොන්ගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ප්‍රොපේතවූ නාතාන්ගේ ඉතිහාසයේද ෂිලොනිය අහියාගේ අනාගතවාක්‍යයේද නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් ගැන දිවස් ඇත්තා වන ඉද්දෝ ලියු දර්ශනයේද ලියා තිබෙනවා නොවේද?


යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: නුඹ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි.


මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් විය.


ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.


කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට කථාකෙළේය. තවද ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය.


එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.


යෙරොබොවම්ගේ භාර්යාව එසේ කොට පිටත්වී ෂීලෝට ගොස් අහියාගේ ගෙදරට පැමිණියාය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.


මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ෂිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු ස්වකීය වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය දෙවියන්වහන්සේගෙන් පැමුණුණේය.


තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්