Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:28 - Sinhala Revised Old Version

28 යෙරොබොවම් වනාහි බලසම්පන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ජෙරොබෝවම් බලසම්පන්න මනුෂ්‍යයෙකි. සලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙකු බව දැක ජෝසෙප්ගේ ගෝත්‍රයට නියම වූ වහල් වැඩ සියල්ල කෙරෙහි ඔහු පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ජෙරොබෝවම් බලසම්පන්න මනුෂ්‍යයෙකි. සලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙකු බව දැක ජෝසෙප්ගේ ගෝත්‍රයට නියම වූ වහල් වැඩ සියල්ල කෙරෙහි ඔහු පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:28
13 හුවමාරු යොමු  

තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.


මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.


මම යූදා වංශය බලවත්කර, යෝසෙප් වංශය ගළවා, ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට අනුකම්පාකරමි; ඔව්හුද මා විසින් ඔවුන් අහක නොදැමුවාක්මෙන් සිටින්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, මම ඔවුන්ගේ බස් අසන්නෙමි.


යුක්තිය කොසඹවලට හරවන්නාවූ, ධර්මිෂ්ඨකම බිම හෙළන්නාවූ තැනැත්තෙනි,


එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.


ඒ හැර වැඩබලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ, සාලමොන්ගේ ප්‍රධාන මුලාදෑනීන් තුන්දහස් තුන්සියයක් වූහ.


මක්නිසාද ඔබගේ දාසයාවූ මා පව්කළ බව මම දනිමි. එබැවින් යෝසෙප්ගේ මුළු වංශය අතරෙන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ පෙරමගට බැස එන්ට මම පළමුකොටම ආවෙමියි කීය.


ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝය. යූදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටීවා, යෝසෙප්ගේ වංශය උතුරු දිග තිබෙන තමුන්ගේ සීමාව තුළ සිටීවා.


මම වනාහි තනියම නුඹලාගෙන් පැමිණෙන වෙහෙසත් බරත් නුඹලාගේ විවාදත් කෙසේ දරම්ද?


මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.


තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි නුඹ ගොස් යෙරොබොවම්ට කියන්න–මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්