Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:27 - Sinhala Revised Old Version

27 ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:27
12 හුවමාරු යොමු  

ඵාරාවෝගේ දියණිය වනාහි දාවිත්ගේ නුවර සිට සාලමොන් විසින් ඈ උදෙසා ගොඩනැගූ ඇගේ ගෙට ආවාය. එවිට ඔහු මිල්ලෝ ගොඩනැගීය.


සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.


ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,


නුඹලා කපලුවලට නැගුණේවත් ස්වාමීන්වහන්සේගේ දවසේ සටනේදී සවිව සිටීමට නුඹලා ඉශ්‍රායෙල් වංශය වටකර තාප්පයක් ගොඩනැගුවේවත් නැත.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව නුඹලා දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.


නුඹ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න.


ඔබ දේශය කම්පාකරවූසේක; එය ඉරා දැමූසේක. ඒකේ බිඳුම් පිළියම්කළ මැනව; මක්නිසාද එය සෙලවෙයි.


තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා, ඉතා කෝපවූහ;


මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.


නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්ලා ගත්තේය; එය දාවිත්ගේ නුවර විය.


ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්