Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 10:5 - Sinhala Revised Old Version

5 ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:5
12 හුවමාරු යොමු  

බස්නාහිර පැත්තේ නගින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත් හොසාටත් වැටුණේය. ඔව්හු මාරුවෙන් මාරුවට සිටියෝය.


අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය.


අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන්ම පිටතට යනවා ඇතැයි කීසේක.


ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.


ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.


මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.


සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය දෙසට හරවා තැබීය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.


මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් ඵරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය.


ෂෙබාහි බිසව සාලමොන්ගේ මුළු ප්‍රඥාවද ඔහු ගොඩනැගූ ගෘහයද,


රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥාවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්