Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 10:13 - Sinhala Revised Old Version

13 සාලමොන් රජ තමාගේ රාජකීය ත්‍යාගවත්කමෙන් ෂෙබාහි බිසවට දුන් දේවල් හැර ඇගේ කැමැත්තේ හැටියට ඈ ඉල්ලු සියල්ලත් ඈට දුන්නේය. ඉක්බිති ඈත් ඇගේ පිරිවරත් සිය රටට හැරී ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සලමොන් රජ ස්වකීය රාජකීය ත්‍යාගිවන්තකමෙන් ෂෙබාහි රැජිනට දුන් දේවල් හැර ඈ හිතූ පැතූ සියල්ලත් ඇයට දුන්නේ ය. ඉක්බිති ඇය සහ ඇගේ සේවක පිරිස සිය රට බලා හැරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සලමොන් රජ ස්වකීය රාජකීය ත්‍යාගිවන්තකමෙන් ෂෙබාහි රැජිනට දුන් දේවල් හැර ඈ හිතූ පැතූ සියල්ලත් ඇයට දුන්නේ ය. ඉක්බිති ඇය සහ ඇගේ සේවක පිරිස සිය රට බලා හැරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:13
10 හුවමාරු යොමු  

එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.


ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.


නුඹේ සිතේ ආශාව ලෙස නුඹට දෙනසේක්වා, නුඹේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.


ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,


ඕතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියකුත් අනර්ඝ ගලුත් පටවනලද ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය.


තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද ගොඩනගා, සාලමොන් තමාගේ මුළු ආශාවේ හැටියට සාදන්ට කැමතිවූ සියල්ලත් නිමකළ විට,


රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් රජුගේ ගෙටත් කණු සහ ගායනාකාරයන්ට වීණාද කුඩා වීණාද සෑදෙවුවේය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේවත් දකින්ට ලැබුණේවත් නැත.


සාලමොන්ට බඩු හුවමාරු කරගන්නන්ගෙන්ද වෙළඳුන්ගේ වෙළඳාමෙන්ද මිශ්‍ර ජාතීන්ගේ සියලු රජවරුන්ගෙන්ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන්ද ලැබුණු රන් හැර,


ෂෙබාහි බිසව සාලමොන් රජුට ගෙනාවාවූ දේවල් වෙනුවට දුන් ඒවා හැර ඇගේ මුළු කැමැත්තලෙස ඈ ඉල්ලූ සියල්ලත් රජ තෙමේ ඈට දුන්නේය. මෙසේ ඈත් ඇගේ සේවකයොත් තමුන්ගේ දේශයට හැරී ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්