Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 10:11 - Sinhala Revised Old Version

11 ඕපීර් සිට රන් ගෙනාවාවූ හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී බොහොමයක්ද අනර්ඝ ගල්ද ඕපීරෙන් ගෙනෙන ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:11
9 හුවමාරු යොමු  

ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.


හූරාම් තමාගේ සේවකයන් අත නැව්ද මුහුදේ කාරණා දන්නාවූ සේවකයන්ද ඔහු වෙතට එවුවේය; ඔව්හු සාලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය පනහක් සාලමොන් රජු වෙතට ගෙනාවෝය.


කිහිරි ලීද දේවදාර ලීද හඳුන් ලීද ලෙබනොන්හි සිට මා වෙත එවුව මැනවි. මක්නිසාද ඔබගේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කපන්ට දක්ෂ බව දනිමි; මාගේ මෙහෙකරුවන් ඔබගේ මෙහෙකරුවන් සමඟ සිටිනු ඇත.


රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් රජුගේ ගෙටත් කණු සහ ගායනාකාරයන්ට වීණාද කුඩා වීණාද සෑදෙවුවේය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේවත් දකින්ට ලැබුණේවත් නැත.


නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;


ඕපීර්ද හවීලාද යෝබාබ්ද උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.


ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යූදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්