Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:37 - Sinhala Revised Old Version

37 ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ සිටියාක් මෙන්ම සාලමොන් සමඟත් සිට ඔහුගේ සිංහාසනය මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවන්ගේ සිංහාසනයටත් වඩා උතුම් කරනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:37
21 හුවමාරු යොමු  

ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.


මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා.


අප විසින් සියලු කාරණාවලදී මෝසෙස්ට කීකරුවුණාක් මෙන් නුඹටත් කීකරුවන්නෙමුව. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ සිටි ලෙසම නුඹ සමඟත් සිටිනසේක්වා.


නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.


සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවයකරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය.


නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.


මමද ඔහු මාගේ කුලුඳුලා කොටද පොළොවේ රජුන්ට උත්තමයා කොට ද තබන්නෙමි.


උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.


තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: නුඹ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ නුඹෙන් ඉවත්නොවනසේක, නුඹ අත්නොහරිනසේක.


තවද ඔවුන් එගොඩවූ කල එලියා කථාකොට: නුඹ වෙතින් මා ගන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැයි එලිෂාට කීය. එලිෂාද: ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවයි කීවේය.


යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය.


උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.


එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් එසේ කියනසේක්වා.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවෙහි සාලමොන් ඉතා උසස්කොට, ඉශ්‍රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්