Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 යොහන් 4:3 - Sinhala Revised Old Version

3 යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එසේ ජේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් නොවෙති. මේ ක්‍රිස්තු-විරෝධියාගේ ක්‍රියා ය. ඔහු එන බව ඔබ අසා ඇත. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 එහෙත් යේසුස්වහන්සේ නො පිළිගන්නා හැම ආත්මයක්ම දෙවියන්වහන්සේගෙන් නො වේ. පැමිණෙනු ඇතැයි ඔබ අසා ඇති, එහෙත් දැනටමත් ලෝකයේ සිටින ව්‍යාජ-ක්‍රිස්තුස්ගේ ආත්මය මෙයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එසේ ජේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් නොවෙති. මේ ක්‍රිස්තු-විරෝධියාගේ ක්‍රියා ය. ඔහු එන බව ඔබ අසා ඇත. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 4:3
5 හුවමාරු යොමු  

මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය.


ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,


යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ නොවේයයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? විරුද්ධ-ක්‍රිස්තුස් මේය, එනම්, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ එපා කරන තැනැත්තාමය.


මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ-ක්‍රිස්තුස්ද මොහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්