Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 4:2 - Sinhala Revised Old Version

2 මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ හැඳින ගන්නේ මෙලෙසිනි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මාංසයෙන් පැමිණි වග පිළිගන්නා ආත්මය දෙවියන්වහන්සේගෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 4:2
10 හුවමාරු යොමු  

එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.


තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.


දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව විශ්වාසකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති. ඉපදෙවු තැනන්වහන්සේට ප්‍රේමකරන සෑමදෙනම උන්වහන්සේගෙන් උපන් තැනැත්තාටත් ප්‍රේමකරති.


යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය.


යමෙක් පුත්‍රයාණන්වහන්සේව එපාකරන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් නැත්තේය. යමෙක් පුත්‍රයාණන්වහන්සේව පිළිගන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් ඇත්තේය.


නුඹලාත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශකරමුව.


යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය.


මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ-ක්‍රිස්තුස්ද මොහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්